Posted on 08.29.2017 by Lahiru Umayangana in ක්‍රීඩා පුවත් with 0 Comments
ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඇතුළු තේරීම් කමිටු නිලධාරී මණ්ඩලය අද(29) දින ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට මේ වන විට ලබා දි ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පවතින අසාර්ථකත්වය මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. කෙසේ වෙතත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මේ සම්බන්ධව අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩකයන්ගේ වැරදි සඳහා පරිපාලනය වගකිවයුතු නොමැති බවය.
ක්‍රීඩාව වාණිජ්‍යකරණයට යටත් කිරීම හරහා එහි ඇතිවෙමින් තිබෙන අර්බුදය මේ වන විට තීරණාත්මක අවධියක පවතින අතර අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින බලධාරීන් විසින් දිගින් දිගටම ගනු ලබන තීන්දු තීරණ හරහා මෙම තත්වය තවදුරටත් වර්ධනය වෙමින් ඇත. ක්‍රමවේදයෙන් පසෙකලා සිදු කරන මුහුණු මාරු කිරීම් හරහා මෙම ගැටළු කිසිවකට ස්ථීරසාර විසඳුම් ලබා ගත නොහැකි බව ඉතිහාසය විසින් ඕනෑවටත් වඩා උදාහරණ දෙමින් අපට පසක්කර ඇත.