Posted on 09.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රට තුළ ඇතිව තිබෙන තත්වයන් සැලකිල්ලට ගැනීමේදී ව්‍යවස්ථාව අනුමත කිරීමට වඩා සයිටම් ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛතාවය දිය යුතු යැයි ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
“මේ දක්වා මාස හතක් තිස්සේ වෛද්‍ය ශිෂ්‍යයන් 6500ක් දේශනවලට යන්නේ නෑ. සීමාවාසික වෛද්‍යවරු බිහි වෙන එක නැවතිලා නිසා මේ අවුරුද්දේ වෛද්‍යවරු 1200ක් රෝහල්වලට එන්නේ නෑ.මේක ආණ්ඩුව විදියට වහාම විසඳිය යුතු ප්‍රශ්නයක්. මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගතයත් එක්ක. මගේ නම් මතය ව්‍යවස්ථාව අනුමත කරනවාට වඩා ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න“
ඇමති ප්‍රේමජයන්ත සයිටම් ආයතනය ආරම්භ කරන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස වගකීම් දැරූ අතර උසස් අධ්‍යාපන ඇමති ලෙස එස්.බී.දිසානායක සයිටම් ආයතනය ආරම්භ කර එය ආරක්ෂා කිරීමට කටයුතු කරන විට අධ්‍යාපන ඇමතිවරයා ලෙස එයට විරුද්ධ අදහසක් එවකට ඔහු විසින් පළ කළේ නැත. මේ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඇතැම් ඇමතිවරු මේ වනවිට සයිටම් විරෝධීන් ලෙස පෙනී සිටීම විස්මයට කරුණක් ලෙස පෙනී යයි. එහෙත් දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත්තේ සයිටම් විරෝධය ඔස්සේ හවුල් ආණ්ඩුවේ ඇතැම් දේශපාලන ආතතීන් පමණක් ප්‍රකාශයට පත්කරමින් සිටින බවයි.