தமிழ்
English
Contact
Saturday 16th December 2017    
අනුමත කළ නොහැකි වාර්තාවක් හදන්න මහින්ද ටෙන්ඩර් නැතිව බිලියන 1.4ක් දීලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනුමත කළ නොහැකි වාර්තාවක් හදන්න මහින්ද ටෙන්ඩර් නැතිව බිලියන 1.4ක් දීලා !



ලෝක බැංකුව විසින් තහනමකට ලක් කළ ඕස්ට්‍රේලියානු ස්නෝ මවුන්ටන් ඉංජිනේරු සමාගම විසින් ලංකාවේ අධිවේග මාර්ග සදහා සිදු කළ බව කියන ශක්‍යතා අධ්‍යයන වෙනුවෙන් රුපියල් බිලියන 1.4ක් ගෙවා ඇතැයි වාර්තා වේ.

රාජපක්ෂ ආණ්ඩුව විසින් එම සමාගමට ටෙන්ඩර් කැදවීමකින් තොරව ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය භාරදී කැබිනට් අනුමැතියෙන් වැඩිපුර ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ. 2013 මැයි මාසයේ ඇතිකරගත් ගිවිසුමකට අනුව උතුරු අධිවේග මාර්ගය පිළිබද මෙම ශක්‍යතා වාර්තා අඩුපාඩු රාශියකින් සමන්විත බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඒවා අනුමත කර නැත. එකගතා පරිදි මාස 8ක කාලයක් තුල ශක්‍යතා අධ්‍යයන වාර්තා සකස් කිරීම වෙනුවෙන් මෙම සමාගමට ගෙවීම් සිදුකර ඇති නමුත් එම මාස 8 තුළ එම කාර්ය සැපිරීමට නොහැකිව තවත් මාස දෙකක කාලයක් ඒ සදහා අවසර දී රුපියල් බිලියන 1.4ක් ගෙවා ඇත. රාජපක්ෂ ආණ්ඩුව යටතේ මහාමාර්ග ඇමතිධූරය දැරුවේද මහින්ද රාජපක්ෂ විසිනි.