தமிழ்
English
Contact
Tuesday 31st October 2017    
SAITM විරෝධී අඛණ්ඩ උපවාසයට ධීවර සංගම් සහාය « Lanka Views | Views of the truth

SAITM විරෝධී අඛණ්ඩ උපවාසයට ධීවර සංගම් සහාය



මාලඹේ SAITM ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරන අඛණ්ඩ උපවාසය සඳහා අද(29) දින ධීවර සංගම් වල සහාය හිමි වී තිබුණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඉදිකර ඇති අට්ටාලය සමඟ සම්බන්ධ වෙමින් එම සංගම් මෙලෙස සිය සහයෝගය ලබා දී තිබුණි. මෙම අඛණ්ඩ උපවාස ක්‍රියාමාර්ගයේ 09වන දිනය වන අද දින සබරේ අපි වීදි නාට්‍ය කණ්ඩායම විසින් උපවාස ක්‍රියාමාර්ගයට සමගාමීව වීදි නාට්‍ය සංදර්ශනයක්ද පවත්වන ලදි.

හෙට දිනයේ මෙම උපවාස ක්‍රියාමාර්ගය සඳහා නිතීඥ සංගම් සම්බන්ධ වීමට නියමිත බව වාර්තා වේ.

සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කරනු ලබන ගිනි ගත් රාත්‍රිය නම් SAITM විරෝධී විරෝධතාවය හෙට රාත්‍රියේ දී දිවයිනේ ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමට සුදානම් වී ඇත.

පසුගියදා ජනාධිපතිවරයා රජයේ නිලධාරීන්ගේ සංගමයට පොරොන්දු වී තිබුනේ ඊයේ(28) දිනයේදී SAITM ආයතන අහෝසි කිරීමට අදාළ ආණ්ඩුවේ තීරණය දැනුම් දෙන බවය. කෙසේ වෙතත් නැවත වරක් සුපුරුදු පරිදි පොරොන්දු කඩ කරමින් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් සහ SAITM ආයතනය වෙනුවෙන් පමණක් තවදුරටත් පෙනී සිටිමින් ඇත.

සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු.අඛන්ඩ උපවාසය…..9වන දිනටත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී…අද දින 'සබරෙ අපි 'විදි නට්‍ය කන්ඩායමෙ ඉදිරිපත් කිරිම.

Posted by සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය on Tuesday, August 29, 2017