தமிழ்
English
Contact
Friday 26th January 2018    
(Voice) ආණ්ඩුවේ අරමුණ විරෝධතා මර්දනය කර සිය ජනතා විරෝධී සැලසුම් ඉදිරියට ගෙන යාමයි - පෙ.ස.ප. | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

(Voice) ආණ්ඩුවේ අරමුණ විරෝධතා මර්දනය කර සිය ජනතා විරෝධී සැලසුම් ඉදිරියට ගෙන යාමයි – පෙ.ස.ප.



ඔක්තෝබර් 10 වැනිදා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ විරෝධතා පාගමනට පහර දෙනු ලැබුවේ එවැනි පහරදීමක් සදහා කිසිදු හේතුවක් නොමැතිව බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය බවසයි.

ඊයේ (16) කොළඹ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පෙන්වා දුන්නේය. පොලිසිය විසින් එල්ල කල අමානුෂික ප්‍රහාරය නිසා මුහුණට බරපතළ තුවාල සිදුවී සැත්කමකට ලක්කරනු ලැබූ පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ද මෙම මාධය හමුවට එක් විය.

මෙහිදී අදහස් දැක්වූ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා මෙසේද ප්‍රකාශ කළේය.

“සයිටම් ආයතනය අහෝසි කරන්න කියන ඉල්ලීම අගමැතිවරයට භාර දෙන්න සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහරදීමට පොලිසිය තීන්දු කළේ කිසිදු කලබලකාරි තත්වයක් නැති අවස්ථාවකදි.  කිසිදු හේතුවක් නැතිව පොලිසිය මාර්ගය අවහිර කරමින් බැරිකේඩ් හදලා ඒ වෙත ළගා වෙන්න විශාල දුර ප්‍රමාණයක් තියෙද්දි මුලින්ම කදුලු ගෑස් ගැහුවා, ඉන් පස්සෙ ජල ප්‍රහාර එල්ල කළ. බැටන් පොලු සහ යකඩ පොලු පාවිච්චි කරලා එළව එළවා පහරදුන්නා. මේ ආණ්ඩුව බලයට එනකොට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කියමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් ආරක්ෂා කරන බවට පොරොන්දු දෙමින් තමයි ආවෙ. 10 වැනිදා ප්‍රහාරයෙන් පෙනී යනවා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කහවුරු කළේ කොහොමද කියලා. නීතියේ ආධිපත්‍ය ගැන කතා කියු ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය රැකපු විදියත් එදාම පෙන්නුම් කළා. ලංකාවෙ නීතිය අනුව පොලිසිය බැටන් පොලුවලින් පහරදීමක් කරන එක ගැන නීති තියෙනවා. මහජන උද්ඝෝෂණවලට බැටන් පොලුවලින් පහර දෙන එක අපි අනුමත කරන්නෙ නෑ. නමුත් දැන් 1977 ජේ.ආර්.ගෙ කාලෙ කළ විදියට යකඩ පොලුවලින් පහරදෙන්නෙ. ඒ නිසා මේ ආණ්ඩුවේ ප්‍රතිචාරය පැහැදිලිය. ශිෂ්‍යයෝ, මව්පියෝ, වෘත්තිය සමිති නියෝජිතයෝ සහ දේශපාලන පක්ෂ ලෙස අපි එම කාර්යයට සම්බන්ධ වුණා. මේ පහරදීම මගින් ආණ්ඩුවේ ඇත්ත ස්වභාවය හෙළිදරව් කළා.“

පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අදහස් දක්වමින් මේ පහරදීම මගින් ලංකාවේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීමේ අරමුණ වෙනුවෙන් ආණ්ඩුව කොතරම් පෙනී සිටිනවාද යන්න බව කීවේය. අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගනිමින් ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ ජනතා අයිතින් වෙනුවෙන් පෙනී සිටින බලවේග මර්දනය කිරීමේ අරමුණ බවද රයන් ජයලත් සිරගත කරගෙන ඉන්නට නොව පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමට අවශ්‍ය වූ බවද ඔහු චෝදනා කළේය.

ඔවුන් පළ කළ අදහස්වලට මෙතැනින් සවන් දෙන්න.

Oct 10th Govt Attack on Protest