Posted on 10.30.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ආයතනය පිළිබද විසදුමක් ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ කමිටුව ගෙන ආ නිර්දේශ කිරීම සම්බන්ධයෙන් එකගතාවය පළ කරන්නට පෙර ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහා අද (30) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විධායක සභාව කැදවා ඇත. එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ බොහෝ කරුනුවලට තමන්ට එකග විය හැකි නමුත් සයිටම් ආයතනය අහෝසි කර ඒ වෙනුවට වෙනත් නමකින් ආරම්භ කරන ආයතනයේ ප්‍රමිතිය පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු බවයි. දැනට ගැටලුවකට තුඩු දී ඇති සයිටම් ආයතනය වෙනුවට වෙනත් ආයතනයක් පිහිටුවන්නේ නම් එය තවත් සයිටම් ආයතනයක් නොවිය යුතු බවද ඔහු පවසයි. සයිටම් ආයතනය අහෝසි කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව ගෙන තිබෙන තීරණය සාධනීය බව ඔහු ප්‍රකාශ කර ඇත. එහෙත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරියටත් සුභවාදීව කටයුතු කරනු ඇති බවට සංගමයේ විශ්වාසයක් ඇති බවද වෛද්‍ය සොයිසා පවසයි.
සයිටම් අහෝසි කිරීම වෙනුවට වෙනත් ආයතනයකට පවරන බවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ ඇතැම් කරුණු දීර්ඝ ලෙසින් සාකච්ඡා කිරීමට විධායක සභාව කටයුතු කරනු ඇති බවද වැඩිදුර අවධානයට ලක් කළ යුතු කරුණු සාකච්ඡා කිරීමටඅපේක්ෂා කරන බවද රජයේ වෛද්‍ය නිලධාරි සංගම් උපලේකම්වරයා පවසයි.