தமிழ்
English
Contact
Monday 2nd October 2017    
SAITM එරෙහි විරෝධතා රැළියක්, කල්මුනේදී « Lanka Views | Views of the truth

SAITM එරෙහි විරෝධතා රැළියක්, කල්මුනේදී



වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් සහ රැළියක් ඊයේ දින (08) පවත්වන කල්මුනේ නගරයේදී පවත්වන ලදී.

SAITM හොර උපාධි කඩය අහෝසි කරන ලෙස බල කරමින් කල්මුනේ රෝහල ඉදිරිපිට සිට නගරය හරහා කල්මුනේ පොදු වෙළඳපොල දක්වා පාගමනින් පැමිණි විරෝධතාකරුවන් එම ස්ථානයේදී රැළියක් සංවිධානය කරන ලදී.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, ලංකා ගුරු සංගමය, දන්ත වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතවරුන් පිරිසක් මෙම රැලිය ආමන්ත්‍රණය කරන ලදී.