தமிழ்
English
Contact
Wednesday 23rd August 2017    
කතරගම දේවාලයේ හිමිකාරිත්ව අවුලක් නිසා බැතිමතුන් දුෂ්කරතාවයට! « Lanka Views | Views of the truth

කතරගම දේවාලයේ හිමිකාරිත්ව අවුලක් නිසා බැතිමතුන් දුෂ්කරතාවයට!



සුප්‍රකට කතරගම දේවාලයේ හිමිකම් ප්‍රශ්නයක් මත අද දින(22) පාන්දර පූජාවට එහි ගිය බැතිමතුන් මහත් දුෂ්කරතාවකට පත්වූ බව වාර්තා වේ.

උදැසන 4.30 පුජාව සඳහා දේවාලය විවෘත කරන්නට සොමිපාල ටී රත්නායක කපු මහතා සමඟ එහි ගිය විට බස්නායක නිළමේ ඩී.පි. කුමාරගේ මැර පිරිසක් හා ඔහුගේ පුතා පැමිණ බලහත්කාරයෙන් යතුර පැහැරගෙන ගිය බව ලාල් නමැති කපු මහතා පවසයි. බස්නායක නිළමේ වරයා දේවාලයේ යතුර කපු මහතාගෙන් රැගෙන යෑම හේතුවෙන් අද (22) දේවාලයේ පුජාව නොපැවැත්විණි. එහෙත් පසුව උදෑසන 6.30 ට පමණ දේවාලය විවෘත කර පූජාව පැවැත්විණි. මේ සම්බන්ධව බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ පවසන්නේ වෙනස් කතාවකි. අද උදයේ දේවාලය විවෘත කිරිමට දේවාලයට ගිය අවස්ථාවේ දි දේවාලයේ යතුර තිබුණේ නැති බවත් වෙනත් යතුරක් ගෙන දේවාලය විවෘත කරන්න උත්සාහකළ අවස්ථාවේ දි ලාල් කපු මහතා පැමිණ දේවාලයේ දොර විවෘත කිරීමට ඇති අයිතිය පශ්න කළ නිසා නොමනාප වී නිළ නිවසට පැමිණි බව ඔහු ජනමාධ්‍යෙව්දීන් හමුවේ පැවසීය.

මේ අනුව කතරගම දේවාලයට අයත් දැනට වාර්තාගත ඉතිහාසයේ ප‍්‍රථම වතාවට මෙසේ කතරගම දේවාලයේ පුජාව නොපැවති බව වාර්තා විය. විශාල බැතිමතුන් පිරිසක් පුජාව තැබීමට පැමිණ දැඩි  අපහසුතාවයට පත්ව සිටි බව වාර්තා විය. දුර බැහැර සිට පෙරදින සිට පාන්දරින් එහි ළගාවන්නට පැමිණ සිටි බැතිමත්හු බැණ වදිමින් තමන්ගේ පුජාව තැබීමට නොහැකි විම සම්බන්ධයෙන් දෙස් දෙවොල් තැබුහ. පසුව උදැසන 6.30 ට පමණ කපුමහතුන් වෙත බස්නායක නිළමේවරයා විසින් යතුර දීමෙන් අනතුරුව දේවාලය විවෘත කර බැතිමතුන්ගේ පුද පුජා තැබීමට අවස්ථාව ලැබිණි.

කතරගම දේවාලය යනු විශාල බැතිමතුන් පිරිසක් දිනපතා පැමිණෙන සහ වාර්ෂිකව කෝටි ගණනින් අදායම් උපදවන වටිනා දේපළක්ව පවතින ස්ථානයක් නිසා දේශපාලන බලවතුන් හා ව්‍යාපාරිකයන් විසින් එහි පාලන බලයට ගැටෙන ස්ථානයක් බවට පත්ව තිබේ. එහි පැමිණෙන බැතිමතුන්ට එතැන හුදු දේව විශ්වාසය පිළිබද පුද බිමක් වුවද කතරගම දේවාලයට අරක් ගෙන සිටින කුවේරයන් සිය බලය පවත්වාගෙන යාම සදහා දේශපාලන බලය, මැර බලය හා අවි බලය යොදාගන්නා බව දන්නේ සුලු පිරිසකි.