தமிழ்
English
Contact
Friday 28th July 2017    
ඛනිජ තෙල් සටන තාවකාලිකව නතර වේ « Lanka Views | Views of the truth

ඛනිජ තෙල් සටන තාවකාලිකව නතර වේ




හම්බන්තොට තෙල් ටැංකි පරිශ්‍රය ඛනිජ තෙල් සංස්ථාවට පැවරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසු ගිය(24) වන දා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය එළඹෙන මස(අගෝස්තු) 01 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

අද(26) සවස ජනාධිපතිවරයා සමඟ සිදු කරන ලද සාකච්ඡාවේදී අදාළ ගිවිසුම සංශෝධනය කිරීමට එකඟ වූ බවත් ඒ පිළිබඳව සලකා බලා මෙම තීරණය ගත බවත් එම එකමුතුව පවසයි.

කෙසේ වෙතත් ඉන්ධන සැපයුම යථා තත්වයට පත් වීමට යම් කාලයක් ගත වන බව පැවසේ.