Posted on 07.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තෙල් සංස්ථාවේ සේවකයන්ට එරෙහිව හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ආණ්ඩුව දියත් කරමින් තිබෙන මර්දනකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව පැවසීය.
ඔහු පළ කළ අදහස් සංක්ෂිපත්ව මෙසේය.
“ආණ්ඩුව විසින් චයිනා මර්චන්ට් සමාගමට 99 අවුරුදු ගිවිසුමකින් හම්බන්තොට වරාය සහ තෙල් ටැංකි වසර 80ක් දක්වා චීනයට පවරනු ලබනවා. ඉඩම් හෙක්ටයාර 1150ක් සහ තෙල් ටැංකි සංකීර්ණය මෙම ගිවිසුම යටතේ චීනයට ලබා දෙනවා. සිපෙට්කෝ ආයතනය විසින් ටෙන්ඩරය ඉදිරිපත්කර තිබියදී කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මේ පැවරීම කරන්නෙ. 29 වැනිදා මේ ගිවිසුම අත්සන් කරන එකටයි සේවක විරෝධය ආවෙ.
මින් පෙර ත්‍රිකුනාමල චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය රනිල් වික්‍රමසිංහ විසින් අත්සන් කළ ගිවිසුමකින් ඉන්දියාවට පවරන්නෙ. තෙල් සේවකයො වැඩ වර්ජනය කලේ පඩි වැඩිකරගන්න නෙවෙයි. ඒවා සමාජමය වශයෙන් වැදගත් ඉල්ලීම්. එකක් ත්‍රිකුනාමල තෙල් ටැකි ඛනිජ තෙල් සංස්ථාවට පවරාගැනීම., දෙවැනි එක හම්බන්තොට වරාය තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට පවරාගැනීම, සහ තුන්වැනි එක සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිසි ලෙස නඩත්තු කර එහි ප්‍රෙයා්ජනය ගන්න කියන එකයි. ඔවුන් කියන්නෙ මේවා මහජන දේපළ ලෙස ආරක්ෂා කරන්න කියලයි. දැන් ශිෂ්‍යයන් සෞඛ්‍ය අමාත්‍යංශයට ගිහින් මල් පෝච්චි දෙකතුනක් බින්දා කියලා මහජන දේපළ විනාශ කළා කියන බොරු චෝදනාව දාලා අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ඛනිජ තෙල් සේවකයන් කියන්නෙත් මහජන දේපළ ආරක්ෂා කරන්න කියලා. මේ ආණ්ඩුව ඒ මහජනයා සතු සම්පත් හිතු හිතු ආකාරයට සමාගම්වලට පවරමින් තමයි ජිවත් වෙන්න උත්සාහ කරන්නෙ. මේ රටේ කීර්තිමත්ම පොද් දේපළ වන අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලිකකරනය කරන්න ආන්ඩුව කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙන්නෙ. ඒවට විරුද්ධව ශිෂ්‍ය විරෝධය එනකොට ශිෂ්‍යයන් මර්දනය කරන්නෙ පොදු දේපළ පනත යටතෙ. අත්‍යවශ්‍ය සේවා පනත, මහජන ආරක්ෂක පනත පාවිච්චි කරමින් මර්දනය කරනවා. සාගල රත්නායක අමෙරිකාවෙදි පොරොන්දු වුණා මර්දනය සදහා අලුත් නීති ගෙන එන්න.
ආණ්ඩුව මහින්දගෙ අත්තනෝමතික පාලනයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියලා බලය අරගෙන ජේ ආර්ගෙ පාරෙ යනවා. තෙල් සේවකයන්ට පමණක් නෙවෙයි, තෙල් සැපයුම් ස්ථානවල බලපත්‍ර අහෝසි කරන්නත් ආණ්ඩුව කටයුතු කරන්න සූදදානම්. මර්දනය වර්ජකයන්ට විරක් නෙවෙයි. මේ මර්දනය එදා ශිෂ්‍යයන්ට, අද ඛනිජ තෙල් සේවකයන්ට, හෙට වරාය සේවකයන්ට… මේක අප සියල්ලන්ටම අදාළයි. ආණ්ඩුව ශිෂ්‍යයන් සමග ප්‍රශ්න සාකච්චා කලේ නෑ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සාකච්ඡා දීලා ඔවුන් සයිටම් පිළිබද රජයේ ස්ථාවරය ඇහුවම මින් පස්සෙ ආචාර්යවරුන්ට සාකච්ඡා දෙන්නෙ නෑ කියලා ජනාධිපති නැගිටලා ගියා. වෛද්‍යවරු එක්ක සාකච්චා කළ ත් කැබිනට් තීරනයක්අරන් තිබුණා වෛද්‍යවරු එක්ක සාකච්චා කරන්න නෑ කියලා. ප්‍රහ්නයක් ආවම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රෙව්ශය තමයි සාකච්චා කරන එක. මේක තමයි ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය. තෙල් සංස්තා සේවකයන්ට ජනාධිපති සාකච්චා දුන්නෙ වර්ජනය නවත්වලා සාකච්ඡා කරමු කියලා. ඒ මොන සාකච්චාවක්ද? ඕන වෙලාවක කම්කරුවන් වර්ජනය කරනකොට සාකච්ඡා කරන්න වෙන්නෙ වර්ජනයට හේතු මොනවද කියන එකයි ඒ ප්‍රශ්නවලට දෙන විසදුම් මොනවද කියන එකයිනෙ. වර්ජනය නවත්වනවා නම් මොන සාකච්ඡාද? ඒ නිසා ජනාධිපතිගෙ ප්‍රජාතන්ත්‍ර විරෝධී සාකච්ඡාවට වෘත්තිය සමිති ගියේ නෑ.
පහුගිය ජනාධිපතිවරණයෙදි, මහමැතිවරණයෙදි පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපි කිව්වෙ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්දයි ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක. ආර්ථික ප්‍රතිපත්ති ජනතා විරෝධී නම්, ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න බෑ. මොකද ජනතාව ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ද වෙද්දි ආණ්ඩුව මර්දනය අතට ගන්නවා, ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වෙන්නෙ නෑ.
අද වනවිට තෙල් සංස්ථා සේවක ප්‍රහ්නයට අමතරව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තවත් අත්දැකීමක් තියෙනවා. වෛද්‍ය සභාවෙ සභාපතිවරයා පත්කරන්න යන උත්සාහය අවධානයට ගත්තොත් ඒක ආණ්ඩුවේ අවශ්‍යතා අනුවයි කරන්න යන්නෙ.වෛද්‍ය සබාවෙ චෝදනා ලබපු කෙනෙක් තමයි පත්කරන්න යන්නෙ.මේ නිසා අපි අවධානයට ගන් වෙනවා, ශිෂ්‍යයන්ගේ, වෛද්‍යවරුන්ගේ, තෙල් සංස්ථාවේ, වරායේ, තැපෑල, එට්කා ගිවිසුම මේ ප්‍රශ්න සියල්ල එකම ලෙඩේ රෝග ලක්ෂණ. ඒ නිසා ඒ රෝගය සුවකරන්න වෙන්නෙ රෝග ලක්ෂනවලට ප්‍රතිකාර කරලා.“
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා පෙ.ස.ප. මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට ද සහභාගී විය.