Posted on 07.25.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට වසර 99ක කාලයකට බදු දීමේ ගිවිසුම ලබන 29 වැනිදා අත්සන් කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.
මේ පිළිබද ඉදිරිපත් කෙරුණු කැබිනට් යෝජනාවට අද (25) කැබිනට් අනුමැතිය හිමිවූ බවද එහි ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ලබන 28 වැනි දා ඒ පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බවද වරාය හා නාවික අමාත්‍ය කීය. කෙසේ වෙතත් වරායේ පරිපාලන හා වාණිජ කටයුතු සිදු කිරීමට වෙන වෙකම සමාගම් දෙකක් පිහිටුවනු ඇතැයි අපේක්ෂිතය. සමරසිංහ ඇමතිවරයා පවසන ආකරයට හම්බන්තොට වරායේ පරිපාලන මෙහෙයුම් සඳහා වූ සමාගමේ බහුතර කොටස් ශ්‍රී ලංකා පාර්ශවයට පැවරී ඇති නමුත් වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා වූ සමාගමේ බහුතර කොටස් චීන සමාගමට හිමිවනු ඇත. එසේම පළමු 99 අවුරුදු බදු කාලයෙන් පසුව තවත් වසර 99ක් සදහා බදු කාලය දීර්ඝ කිරීමේ හැකියාවද මෙම ගනුදෙනුවට අදාළ ඇති මූලික ගිවිසුමට ඇතුළත් කර තිබේ.
හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් වරාය සේවකයන් අතර බලවත් විරෝධයක් තිබේ. මේ වනවිටත් ක්‍රියාත්මක ඛනිජ තෙල් සේවක වැඩ වර්ජනයේ එක් ඉලලීමක් වන්නේ ‘හම්බන්තොට වරාය විකිනීම නවතනු“ යන්නය. කෙසේවෙතත් සේවක හඩට කන් නොදී ආණ්ඩුව වරාය විකිනීමට සූදානම් බව ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ.