தமிழ்
English
Contact
Saturday 11th November 2017    
විවාහකයින් 15%කට දරුඵල නෑ « Lanka Views | Views of the truth

විවාහකයින් 15%කට දරුඵල නෑ



ශ්‍රී ලංකාවේ විවාහ වූවන්ගෙන් 15%කට ආසන්න ප්‍රමාණයකට දරුඵල නොමැති බව ඒ පිළිබඳව සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

ලාංකේය ජනතාව විශාල මානසික පීඩනයකින් සිටීම සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් නොලැබීම මෙහි ප්‍රධානතම හේතූන් ලෙසත් මෙම තත්වයන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එක සේ අදාළ බවත් එම සමීක්ෂණය පෙන්වා දී ඇත.

පවත්නා ආර්ථික හා සමාජීය පරිසරය තුල විශාල වශයෙන් මෙරට ජනතාව පීඩනයකට ලක්වෙමින් සිටින බව නොරහසකි. ළමා කාලයේ සිටම මරණය දක්වාම මුළු මහත් ජීවිත කාලය පුරාවට පීඩනයෙන් සහ පසුගාමී සංස්කෘතික සිරකරුවෙක් ලෙස ජිවත් වෙන අතිමහත් බහුතරයක් වූ ජනතාවක් සිටින සමාජයක මෙවන් ප්‍රතිඵල ඇතිවීම අතිශය සාමාන්‍ය සිදුවීමකි.