Posted on 09.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය 7.9% දක්වා වැඩි වී ඇති බව රාජ්‍ය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම හේතුවෙන් ජුලි මාසයේ 6.3%ක්ව පැවැති උද්ධමනය මෙසේ ඉහළ ගොස් ඇති බවයි. පරිභෝජන ද්‍රව්‍ය අතර ආහාර කාණ්ඩයේ 5.3%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.7%ක දායකත්වයක් නිසා අගෝස්තු මාසයේ උද්ධමනය ඉහළ අගයක් ගෙන තිබේ. අගෝස්තු මාසය තුළ ආහාර ද්‍රව්‍ය මෙන්ම ආහාර නොවන ද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති බව මේ අනුව නිරීක්ෂනය වේ.
මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය ජුලි මාසයට සාපේක්ෂව ඒකක 0.1න් අඩු වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත පවසයි. ජුලි මාසයේ ඒකක 122.4ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය අගෝස්තු මාසයේ ඒකක 122.3ක් දක්වා පහත වැටී තිබේ.