தமிழ்
English
Contact
Thursday 19th October 2017    
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ව්‍යාජ පවරා ගැනීම පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් « Lanka Views | Views of the truth

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ව්‍යාජ පවරා ගැනීම පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්



මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහාල රජයට පවරා ගැනීමක් සම්බන්ධව ඇති කරගෙන තිබෙන ගිවිසුම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද(13) දින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම ක්‍රියාවලිය පවරා ගැනීමකට අදාළ කසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්, ඒ තුළින් ආණ්ඩුව විසින් මහජනතාව මුළුමනින්ම නොමඟ යවා ඇති බවත් මෙම පැමිණිල්ලේ සඳහන්.

පසුගියදා උත්සවශ්‍රීයෙන් ආණ්ඩුව විසින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහාල රජයට පවරා ගැනීමක් සිදු කල බව ප්‍රකාශ කල අතර දිවයින පුරා දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක විය. ජනාධිපතිවරයා විසින් SAITM අර්බුධයට සියළු දෙනාටම පිළිගත හැකි විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වී අවසානයේ මෙම රෝහල පවරා ගැනීමෙන් අදාළ ප්‍රශ්නයට නිසි විසඳුම් ලැබෙන බවට ප්‍රකාශ කරන ලදි.

ඊයේ(12) දින රජයේ වෛද්‍ය නිලාධාරීන්ගේ සංගමය විසින් පවරාගැනීම සිදු කල දින අත්සන් කරන ලද ලියවිල්ල ඉදිරිපත් කරමින් මෙය හුදෙක් පවරා ගැනීමකට අදාළ ගිවිසුමක් නොවන බවත් එලෙස පවරා ගැනීමක් සම්බන්ධව අනාගතයේ කටයුතු කිරීමක් හෙවත් අනාගත අභිප්‍රායක් පිලිබඳව අත්සන් කරන ලද අභිප්‍රාය ලිපියක්(Letter of Indent) පමණක්  බව හෙළිදරවු කරන ලදි.

ඊයේ දින මෙම චෝදනාව සම්බන්ධව අවස්ථා කිහිපයකදී මාධ්‍යවේදීන් විසින් ආමාත්‍ය රාජීත සේනාරත්නගෙන් කරුණු විමසා සිටියද ඔහු ඒ සඳහා පිළිතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කරන ලදි.