தமிழ்
English
Contact
Monday 30th April 2018    
නෙවිල් ප්‍රනාන්දු රෝහල බුක්තියෙන් රජයට උරුමයි – ලක්ෂ්මන් කිරිඇල්ල « Lanka Views | Views of the truth

නෙවිල් ප්‍රනාන්දු රෝහල බුක්තියෙන් රජයට උරුමයි – ලක්ෂ්මන් කිරිඇල්ල



මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල බුක්තිය රජය සතු බැවින් එහි අයිතියද රජයට හිමි වන බව උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරයි.

රෝහල පවරා ගැනීමකට අදාළ ගිවිසුමක් නොමැති බවට මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ මාහචාර්යවරුන්ගේ ක්‍රියාකලාපය ලැජ්ජා සහගත බවත් ඔහු මේ සම්බන්ධ අදහස් පළකරමින් පවසා ඇත.

SAITM ගැටළුවට සියළු පාර්ශව වලට සාධාරණය ඉටුකරමින් විසඳුම් ලබා දෙන බව පවසා අවසානයේ ආණ්ඩුව උත්සවශ්‍රීයෙන් විශාල ප්‍රචාරණය යාන්ත්‍රණයක්ද සහිතව නෙවිල් ප්‍රනාන්දු රෝහල ගිවිසුමක් මාර්ගයෙන් රජයට පවරා ගත් බව ප්‍රකාෂ කර තිබූ අතර පසුව එය එවන් ගිවිසුමක් නොව අභිප්‍රාය ලිපියක්(Letter of Intend) හෙවත් අනාගත ගිවිසුමක් ඇතිකර ගැනීමට වූ එකඟතාවයක් පමණක් බවත් හෙළි වී තිබුණි.

පුද්ගලයෙකු වසර 10ට අධික කාලයක් යම් දේපලක් භුක්තිවිදීමෙන් එහි අයිතිය පිළිබඳ නිතීමය බැදීමක් ඇති වුවත් මෙම පෞද්ගලික රෝහලට එම නීතිය ක්ෂණිකව බලාපා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර මෙවැනි ආයතනයක නීතිමය හිමිකාරීත්වය අදාළ ආයතනයේ ප්‍රාග්ධන හිමිකාරිත්වයෙන් හෝ නීත්‍යානුකූල ගිවිසුමකින් පවාරා ගැනීමකින් ලබා ගත යුතුමය.

කෙසේ වෙතත් නීතීඥවරයකු ලෙස මේ සම්බන්ධ මනා අවබෝදයක් සහිත ලක්ෂ්මන් කිරිඇල්ල මෙවැනි වගකීම් රහිත ප්‍රකාශ කරමින් ජනාතව තවදුරටත් රවටමින් කටයුතු කිරීමෙන් අදාළ රෝහල ආණ්ඩුව විසින් ව්‍යාජ පවරා ගැනීමක් සිදු කල බව තහවුරු වේ.