Posted on 08.21.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනය සඳහා එළඹෙන ඔක්තෝම්බර් මසය තුළදී නව කණ්ඩායම සඳහා සිසුන් 300ක් බඳවා ගන්නා බව එම ආයතනයේ සභාපති නෙවිල් ප්‍රනාන්දු විසින් ප්‍රකාශ කර ඇත.
සිය ආයතනයේ ඊළඟ කණ්ඩායම සඳහා මෙලෙස සිසුන් ඇතුලත් කර ගන්නා බවත් විදෙස් සිසුන් 100ක් සහ දේශීය සිසුන් 200ක් වශයෙන් බඳවා ගැනීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කරන ලදි.
පසුගිය ජුනි මාස 25වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වය මත ප්‍රවෘත්ති නිවේදනයක් හරහා SAITM ආයතනය උපාධි ප්‍රධානය කිරීම සහ නව සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරන බව සඳහන් කර තබුණි.
මින් පෙර අවස්ථාවකදී ද බඳවා ගැනීම් නතර කිරීම සම්බන්දව ප්‍රකාශයක් සිදු කරමින් නෙවිල් ප්‍රනාන්දු පවසා සිටියේ SAITM ආයතනය වියදම් පියවා ගත යුතු පුද්ගලික ආයතනයක් බැවින් එහි බඳවා ගැනීම් අනිවාර්යෙන්ම කලයුතු බවත් ඒ සම්බන්ධව තීරණය කිරීමට එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට හැර වෙනත් පාර්ශවයකට අයිතියක් නැති බවත්ය.