தமிழ்
English
Contact
Wednesday 16th August 2017    
ජනාධිපති තනියම යන්න සූදානම් වේ! පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට අතගසයි! « Lanka Views | Views of the truth

ජනාධිපති තනියම යන්න සූදානම් වේ! පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට අතගසයි!



උද්ගතව පවතින දේශපාලන අභිෙයා්ග ජයගන්නට හැකි පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ඉක්මනින්ම ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු ෙම් අදහස පළ කෙළ් මහවැලි එච් කලාපයේ ගොවි ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ඒවැනි නව ෙද්ශපාලන ව්‍යාපාරයක් බිහිකැලීෙම් අරමුෙණදී තමන් වෙත කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ  වුවද ඒම ව්‍යාපාරය ගොඩනැගීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුෙව් වංචාව, හොරකම සහ දුෂණය ගළාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස් කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයන් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජෙය් නායකත්වය තුළ තමන් උරදී සිටින බවයි. අැතැම් ෙද්ශපාලන නිරීක්ෂකයන්ට අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සැලකිය හැක්ෙක් රවි කරුණානායක අැමතිධුරෙයන් ඉවත්වීෙමන් පසුව ජනාධිපතිවරයා විසින් ඒම සිදුවිමට ප්‍රතිචාර දැක්වීමක් ෙලසය.

2014 අවසන් භාගෙය් මහින්ද රාජපක්ෂ පාලනයේ කැබිනට් අැමතිකම හා ශ්‍රිලනිප ලේකම්කම නොතකා මෙෙත්‍රිපාල සිරිෙස්න විපක්ෂ නායකයන් සමග ඒක් වූයේ තමාද සම්බන්ධව සිටි රාජපක්ෂ පාලනය යටෙත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීම, නීතිෙය් අාධිපත්‍ය විකෘති කිරීම, වංචා දූෂන මහාපරිමාණෙන් සිදුකිරීම හා අත්තෙනා්මතික පවුල් පාලනය අවසන් කරන්නට බව සිය පළමු ජනමාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පැවසීය. 2015 ජනවාරි 8 වැනිදා තමන් විප්ලවයක් සිදු කළ බවත් තතමන්ෙග් නව පාලනය යහපාලන මූලධර්ම අනුව සිදුවන බවත් ඒම ජයග්‍රහනෙයන් පසුව දිවුරුම් දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළ්ය. කෙසේවෙතත් වසර දෙකහමාරක් ඉකුත්ව තිබියදී ඔහු නැවත වතාවක් පිරිසිදු පාලනයක් ෙවනුෙවන් දේශපාලන ව්‍යාපාරයක් ෙගාඩනැගීම ගැන කියා සිටින්ෙන් පසුගිය වසර ෙදක හමාර තුළ තමන් විසින් නායකත්වය දුන් පාලනය යටෙත් ඒවැනි දේශපාලන ව්‍යාපාරයක් ෙහා් දුන් පාෙරොන්දු ඉටු කිරීමට ෙනාහැකි වීම නිසාය. යහපාලන අාණ්ඩුව සිය මූලික පදනම ෙලස ඉලක්ක කළ කිසිවක් තවදුරටත් අාරක්ෂා නොකරන බව අාණ්ඩුව බිහිකිරීෙම්දී පවා දායකත්වය දුන් විද්වතුන්, ෙද්ශපාලන නිරික්ෂකයන් ප්‍රකාශ කර අැත.