தமிழ்
English
Contact
Friday 13th October 2017    
විද්‍යා ඝාතන සැකකරු ආරක්ෂා කළ චෝදනා – විජයකලා අත්අඩංගුවට ගන්නැයි හර්තාලයක් ! « Lanka Views | Views of the truth

විද්‍යා ඝාතන සැකකරු ආරක්ෂා කළ චෝදනා – විජයකලා අත්අඩංගුවට ගන්නැයි හර්තාලයක් !



පුන්කුඩුතිව් පාසල් සිසුවිය විද්‍යා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුට පැනයාමට උපකාර  කළ ළමා කටයුතු බාර රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇතුලූ පිරිස අත්අඩංගුවට ගන්නට බලකරමින් යාපනයේ හර්තාලයක් සංවිධානය කර ඇත.

හෙට (30) යාපනයේ මෙසේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කිසියම් පිරිසක් සංවිධාන කටයුතු කරන බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත. මේ හර්තාල් ව්‍යාපාරය පිළිබද පෝස්ටර් යාපනය නගරය අවට අලවා තිබෙන බවද වාර්තා වෙයි. ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීයේ යැයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියට චෝදනා එල්ල වී ඇත. හෙළිව ඇති අන්දමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රාජ්‍ය ඇමතිවරියගේ උපදෙස් මත ස්විස්කුමාර් කොළඹට කැදවාගෙන විත් මුදා හැර ඇත. මෙම චෝදනාව නිසා අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අගෝස්තු 8 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 25වැනිදා නියෝග කළේය. එහෙත් පොලිසියට බලපෑම්කර සැකකරු කොළඹට යවන්නට කටයුතු කළ විජයකලා රාජ්‍ය ඇමතිවරිය අත්අඩංගුවට ගතයුතු යැයි මතයක් ජනතාව අතර තිබේ.