தமிழ்
English
Contact
Thursday 7th September 2017    
උද්ධමන වේගය 06%ක් දක්වා ඉහළට « Lanka Views | Views of the truth

උද්ධමන වේගය 06%ක් දක්වා ඉහළට



පසුගිය අගෝස්තු මාසයේ උද්ධමන වේගය 06%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ජුලි මාසයේ මෙම අනුපාතය 04.8%ක් ලෙස සඳහන්ව තිබු අතර මෙම වැඩි වීම හේතුවෙන් මාසික උද්ධමන වර්ධනයද 0.5%ලෙස ඉහලගොස් ඇති බවද වාර්තා වේ.

මෙලෙස උද්ධමන අනුපාත වර්ධනීය වේගය ද වැඩි වෙමින් පවතින අතර වැඩකරන ජනතාවට මෙම මිල ඉහළයෑම් වලට සමගාමීව වැටුප් වැඩි වීමක් සිදු නොවීම අතිශය ගැටළු සහගත තත්වයකි. අවම වශයෙන් ආණ්ඩුව පොරොන්දු වූ වැඩිවන ජීවනාංක දීමනාව හෝ ලබා නොදෙන තත්වයක් නිර්මාණය වී ඇති අතර මෙතෙක් කම්කරුවන්ට ලබා දුන් දීමනා සහ ආරක්ෂණ ගෙවීම් පවා කප්පාදු කරමින් ඇත. එවන් තත්වයක් තුල පාරිභෝගික භාණ්ඩ සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මහජනතාව ලක්වන පීඩාව තීව්‍ර වෙමින් ඇත.