Posted on 09.05.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
ආනයනික වියලි හාල්මැස්සන් සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඉවත්කිරීමට පාරිබෝගික කටයුතු පිලිබඳ අධිකාරිය කටයුතු කර ඇත.
ඒ අනුව ඩුබායි සහ තායිලන්තයේ සිට ගෙන්වන හාල්මස්සන්හි පාලන මිල මේ අනුව ඉවත් කර ඇත. අදාළ රටවල් වල මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දී ඇත.
පසුගිය ජනවාරි 25වන දින තායිලන්තයේ සිට ගෙන්වන හාල්මැස්සන් කිලෝග්‍රෑම් 01 සඳහා රුපියල් 490ක් සහ ඩුබායි සිට ආනයනය කරන කිලෝග්‍රෑම් 01 සඳහා රුපියල් 405ක් ලෙස පනවා තිබූ උපරිම සිල්ලර මිල මේ අනුව අවලංගු කර ඇත.
කෙසේ වෙතත් පවත්නා ආර්ථික තත්වය තුල භාණ්ඩ මිල සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින අතර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබු අවම සීමා කිරීම් පවා මේ වන විට ක්‍රමානුකූලව වෙළඳපොළට විවෘත කරමින් කරමින් සිටින බව පෙනෙන්නට ඇත.