Posted on 08.24.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේවනවිට රට පුරා ඇති ග්‍රාම නිලධාරි පුරප්පාඩු 1815 ක් පවතින බවද ඒ්වා පියවීම සඳහා ඉදිරියේ දී සම්මුඛ පරීක්‍ෂණ පවත්වා බඳවාගැනීම් සිදුකරන බවද ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පවසයි.
ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ස්‌වදේශ කටයුතු ඇමැතිවරයා කීවේ ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා 2016 දී අයදුම්කරුවන් 120,000 කට තරග විභාගයක් පවත්වා ඒ් අතරින් 4000ට ප්‍රතිඵල නිකුත් කළ බවයි. ඔවුන්ගේ සම්මුඛ පරීක්‍ෂණ ප්‍රමාද වී ඇත්තේ රට පුරා පැවැති ගංවතුර සහ නියඟය නිසා යයි කී ඇමැතිවරයා ඉක්මනින් සම්මුඛ පරීක්‍ෂණ කැදවන්නට සම්මුක පරික්ෂක මණ්‌ඩල තිහක් හතළිහක් පත් කර ඇතැයි ද කීවේය.