Posted on 07.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුව විසින් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට කර ඇති ප්‍රකාශයත් සමග රැකියා විරහිත උපාධිධාරින්ගේ ගැටලුව පිළිබද කරුනු දැක්වීමට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය විසින් අද(23) කොළඹදී ජනමාධ්‍ය හමුවක් පවත්වන ලදී.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන විටද ඉන්පසුවද මෙවැනි විවිධ පොරොන්දු රැකියා විරහිත උපාධිධාරින්ට හා පොදුවේ රැකියා විරහිත තරුණ තරුනියන්ට ලබාදී ඇත. රැකියා විරහිත උපාධිධාරි සංගම් එක්ව පසුගිය කාලය තුළ විවිධ ඉල්ලීම් හා විරෝධතා කැදවන ලද මුත් පාලකයන් ඊට සවන් නොදුන් බවත් එහිදී ප්‍රකාශ කෙරිණි. මේ නිසා වත්මන් මොහොතේ මතුව ඇති තත්වයත් සියලු උපාධිධාරීන්ට රැකියා ලබාගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමටත් පැවැති මෙම මාධ්‍ය හමුවට සියලු පළාත් හා දිස්ත්‍රික් ක්‍රියාකාරීන් හා සෞන්දර්ය රැකියා විරහිත උපාධිධාරී නියෝජිතයන් සම්බන්ධ විය.
මෙහිදී අදහස් පළ කළ රකියා විරහිත උපාධිධාරි සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි පැවසුවේ රැකියා දෙන බවට ආණ්ඩුව ප්‍රකාශ නිකුත් කළද එවැනි රැකියා උපදවන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව නැති බවයි. 2012 මාර්තු මස සිට මේ දක්වා රැකියා විරහිත උපාධිධාරින් 12000ක් පමන අසරණභාවයට පත්ව සිටිති. පසුගිය කාලයේ වරින්වර විවිධ අවස්ථාවල සිදුකළ පොරොන්දු දීම් මිස ක්‍රියාත්මක කළ දෙයක් නොමැත. සංවර්දන සහකාර තනතුරු වැනි රැකියා දුන් ආකාරයේ ගැටලු සිහිපත් කළ ඥානානන්ද හිමි රැකියා ලබාදීමේදී නිසි සැලසුමක් නොමැතිකම නිසා අවසානයේ සිදුවන්නේ රැකියා ලබන තරුණ තරුනියන්ගේ ජීවිත අවාසනාවන්ත තත්වයට ඇද වැටීම බව පැවසූහ. මේ නිසා ආණ්ඩුව විසින් වගකීමෙන් යුතුව රැකියා ලබාදීමේ සැලසුමක් ඉදිරිපත්කර එය ක්‍රියාත්මක කරන තුරු රැකියා රටපුරා විසිර සිටින විරහිතයන්ගේ අරගලය ඉදිරියට ගෙනයාමට තමන් පියවර ගන්නා බව ඒ හිමියෝ ප්‍රකාශ කළහ.
