தமிழ்
English
Contact
Saturday 19th August 2017    
රැකියාව අයිතියක් – වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරී සමුළුව « Lanka Views | Views of the truth

රැකියාව අයිතියක් – වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරී සමුළුව



‘රැකියාව අයිතියක්‘ යන තේමාවෙන් දිවයින පුරා උපාධිධාරින්ට රැකියා ලබාදෙන්නට බලකරමින් වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරින්ගේ සමුළුව අගෝස්තු 13 වැනිදා කුරුණෑගල YMBA ශාලාවේ දී පැවැත්විණි.

පළාත තුළ රැකියා විරහිත උපාධිධාරින් 6000ක් පමණ සිටින අතර ඔවුන්ට රැකියා ලබාදීමේ වැඩපිළීවෙළක් ජාතික මට්ටමෙන් හෝ පලාත් මට්ටමෙන් ක්‍රියාත්මක නොවේ. විශේෂයෙන්ම වයඹ පළාත තුළ ගුරු පුරප්පාඩු පමණක් 4700ක් පවතින අතර මේ තත්වය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය සලකා බැලුවද රැකියා විරහිත උපාධීධාරින් වැඩි ප්‍රමාණයකට රැකියා ලබා දෙන්නට හැකියාවක් තිබේ. ඊට අමතරවමේ දිනවල පැවැත්වෙන විභාග කටයුතු ආවරණය කිරීමටද මෙම ගුරු හිගය බලපා තිබේ.

සියලු රැකියා විරහිත උපාධිධාරින්ට  විශ්‍රාම වැටුප් සහිත ස්ථිර, විධිමත් රැකියා ලබාදෙන මෙන් බලකරමින්රැකියා අයිතිය දිනාගැනීමට එක්ව සටන් කරන්නට දිවයින පුරා රැකියා වරිහිත උපාධධාරින්ට ආරාධනා කරන බව රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි පවසති.