Posted on 10.07.2017 by Chandana Sirimalwatte in ප්‍රධාන පුවත් පෙළ with 0 Comments
භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී රජයේ බැංකු අඩු පොලියට ලංසු තැබීම නිසා පාඩු සිදුකරගැනිම පිළිබද තමා දැනගත්තේ පුවත්පත්වලින් බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පවසයි.
රාජ්‍ය බැංකුවලට අඩු පොලී අනුපාතවලට ලංසු තබන ලෙස 2016 වසරේ මාර්තු 28 සහ 30 දිනවල හිටපු මුදල් ඇමැති රවි කරුණානායක උපදෙස් දුන් බව පසුගියදා රාජය බැංකු තුනක නියෝජිතයන් කොමිසම වෙත සාක්ෂි දෙමින් ප්‍රකාශ කරන ලදී. ඊයේ (06) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් බැඳුම්කර වෙන්දේසියේදී රාජ්‍ය බැංකුවල ලංසු අඩු පොලියට දී මහ බැංකුව විසින් වැඩි පොලී අනුපාතවල ලංසු පිළිගැනීමෙන් රාජ්‍ය බැංකුවල මුහුණ දෙන ආසාධාරණ තත්වය පිළිබද විමසීමේදී ඔහු පැවසුවේ ඒවැන්නක් සිදුව අැති බව තමා දුටුවේ පුවත්පත්වලින් බවයි. කෙසේවෙතත් ඒවැන්නක් සිදුව අැත්දැයි තමා නොදන්නා බවද ඔහු කියා සිටියේය.
මුදල් නීති පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග දීමට ඇමැතිවරයාට බලයක් නැති බව පනතේ වගන්ති පෙන්වාදෙමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය හිටපු මහ බැංකු අධිපතිවරයා අමතමින් ප්‍රකාශ කළවිට පිළිතුරු දෙමින් මහේන්ද්‍රන් කීවේ තමාට ඒ සම්බන්ධව අදහසක් ප්‍රකාශ කළ නොහැකි බවයි.