Posted on 09.18.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහබැංකු බැදුම්කර වංචාව පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා ඔහුට හෙට(19) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
බැදුම්කර වංචාව සම්බන්ධ විභාග කිරිමට එම වංචාව සිදුවන විට මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සාක්ෂිය අත්‍යවශ්‍ය වන හෙයින් ඔහුගෙන් සාක්කි ගැනීමට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි මඟින් දැනුම් දී ඇත. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදු කෙරේ.