Posted on 08.15.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති රාජපක්ෂ සහ බාලපුත් රෝහිත රාජපක්ෂ අද දින ඔවුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධ විමර්ශන සදහා කැදවනු ලැබ තිබිණි.
රෝහිත රාජපක්ෂ ප‍්‍රකාශයක් ලබා දීමට අද (15)පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. රුපියල් මිලියන 320 ක වියදමින් චීනයේ කක්ෂගත කළැයි කියන ‘සුප්‍රීම් සැට් 1‘ නමැති චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීම සදහා ඔහු කැඳවනු ලැබිණි.
රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රහස් පොලිසිය කළ දැනුම් දීම අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද උදෑසන 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණියාය. පැය දෙකක් පමණ ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගෙන් මේ චෝදනා සම්බන්ධ ප්‍රකාශ ලබාගන්නට මින් පෙරාතුව රහස් පොලිසියට කැදවා තිබුණු අතර ඔවුන් ඒ සදහා වෙන් දිනයක් ඉල්ලා තිබිණි.