தமிழ்
English
Contact
Tuesday 10th October 2017    
එන්ජින් ධාරිතාව 1000ක් වූ යතුරුපැදියක් නිසා තරුණයකුට රු.356,00ක දඩ! « Lanka Views | Views of the truth

එන්ජින් ධාරිතාව 1000ක් වූ යතුරුපැදියක් නිසා තරුණයකුට රු.356,00ක දඩ!



මෙරට භාවිතය නීති විරෝධි ලෙස සලකනු ලබන එන්ජින් ධාරිතාව 1000ක් වූ යතුරුපැදියක් පැදවූ 23 හැවිරිදි තරුණයකුට රු.356,00ක දඩයක් හා වසර 10ක් සදහා අත්හිටවූ වසරක සිරදඩුවමක් නියම කර ඇත.

පසුගිය 3 වැනිදා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම දඩුවම් නියම කරනු ලැබුවේ හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ තරුණයාකු නීති විරෝධී ලෙස ආනයනය කර, වෙනත් යතුරුපැදි අංකයක් භාවිත කරමින් සිටියදී පොලිසිය විසින් හසුකරගත් යතුරුපැදියක් භාවිත කිරීම හා අපරික්ෂාකාරී ධාවනය යන වරදවලටය. අදාළ මිල අධික යතුරු පැදිය රාජ සන්තක කරන්නට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.  මින් පෙර තරුණයා මෙම යතුරු පැදිය ගැටීමෙන් තවත් යතුරුපැදිකරුවකු අනතුරට පත්කර රු.15000ක දඩයක්ද ගෙවා ඇත.