වෛද්‍යවරු අඛණ්ඩ වැඩවර්ජනයකට!
Posted on 06.22.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මුදල් පදනම මත වෛද්‍ය උපාධි පිරිනමන SAITM ආයතනයට එරෙහිව ඊයේ(21) විරෝධතාවක යෙදුණු සරසවි සිසුන්ට පහර දීමට විරෝධය දක්වමින් සහ මාළඹේ SAITM ආයතනය නීතිගත කිරීමේ උත්සාහයට විරෝධය පළකරමින් අද(22) දින ආරම්භ කරන ලද වෛද්‍ය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
SAITM ආයතනය සම්බන්ධව ආණ්ඩුව දක්වන වැනෙනසුලු ප්‍රතිපත්තිය හා පක්ෂග්‍රාහිත්වය නිසා මෙවැනි තීරණයක් ගෙන ඇති අතර වර්ජනයේ ඉදිරි කටයුතු තීරණය කිරිම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය විධායක සභාවට බලය පවරනු ලැබ තිබේ. ඒ අනුව දැන් පවතින වර්ජනය හමුවේ ආණ්ඩුවේ විසදුම් ලබා දීමට ජූනි 24 වැනිදා දක්වා කාලය ලබා දෙන බවත් එම සංගමය තීරණය කර ඇත.
ආශ්‍රිත පුවත්
Related News