Posted on 08.21.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කටුනායක, දක්ෂිණ සහ කොළඹ අධිවේගී මාර්ග ඩොලර් මිලියන 600කට චීනයේ ෂැංඩොංග් සමාගමට විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල චෝදනා කරයි.
අද(21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අධිවේගි මාර්ග තුනම තනි අධිකාරියකට පවරා ගැනීම හරහා සදහා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර අැති බව කියන මන්ත්‍රීවරයා විකිණිම සිදුවන්නේ ඒහි ප්‍රතිඵලයක් ෙලස බවද කියා සිටියේය. අාණ්ඩුව විකිණීමක් සිදු නොකරන බව පවසමින් වසර 35කට බදු දෙන බව පැවසුව ද අධිවේගි මාර්ග නඩත්තු කිරිම නිසි ලෙස කළද වසර 10කින් පසුව ඒ්වා ධාවනයට සරිලන ලෙස නවීකරණ කටයුතු සදහා අධික වියදමක් යන නිසා වසර දහයකට වඩා බදු දෙන්නේ නම් එය විකුණුමකට සමාන බවට තක්සේරු කිරීමේ දී සලකනු ලබයි.