Posted on 08.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
චෝදනාවලට ලක්ව තවමත් ඇමතිකමේ සිටින අධිකරණ හා බුද්ධහාසන ඇමති විජේදාස රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් හවුල් ආණ්ඩුව 2020 නොව 2025 දක්වාම පවත්වාගෙන යා හැකි බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
මේ වනවිට රාජිත සේනාරත්න හා විජේදාස රාජපක්ෂ අතර වාග් ප්‍රහාර ගණනාවක් ජනමාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. අධිකරණ ඇමති විජේදාස පිටුපසට හැරී ප්‍රකාශ කරන දේ සම්බන්ධව කිසිවක් පවසන්නට අකැමැති බව පවසන සෞඛ්‍ය ඇමතිවරයා තමන් කර ඇති දහසක් වැඩවලින් ඔහු කියන අඩුපාඩු එකක් හෝ සනාථ කර දක්වන්නේ නම් ඇමතිකමෙන් ඉවත්වන්නට සූදානම් බව පවසයි.