Posted on 08.10.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
උතුරු සහ නැගෙනහිර පාලාත් රෝහල්වල සේවයේ නිරත වෛද්‍යවරු ස්ථාන මාරු කිරීම් සම්බන්ධ ගැටළුවක් විසදීමට කටයුතු නොකිරීමට විරෝධය පළකරමින් එළබෙන සදුදා(14) දින සිට අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අදාළ පළාත්වල සේවයේ නිරත වෛද්‍යවරුන් වෙත වසර එකහමාරකට අධික කාලයක් පුරා ස්ථාන මාරු වීම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන්.
පසුගිය 08 වෙනිදා මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර තිබු බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලබා දුන් පොරොන්දුවක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාමාර්ග ඇත හැර තිබු බවත් අදාළ එකඟතා කඩ කිරීම මත අකමැත්තෙන් වුවද වර්ජන ක්‍රියාමාර්ග වලට එළඹීමට සිදු වූ බවත් එම සංගමය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටී.