Posted on 08.11.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
වසර 100ක් පමණ පැරණි රේගූ පනත ද සංශෝධනය කරමින් නව දේශීය ආදායම් බදු පනත මෙම මස අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරන ලදි.
යාපනය ප්‍රදේශයේ නව රේගු නිවාරණ කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
කෙසේ වෙතත් මෙම නව පනත සඳහා දේශීය අදායම් නිලධාරීන් ඇතුළු විවිද පාර්ශවයන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානතම ගිවිසුම්ගත නය කොන්දේසියක් වන මෙම පනත මුළුමනින්ම එම අරමුදලේ අවශ්‍යතාවය මත සකස් වී ඇත.
මෙතෙක් බදුවලින් නිදහස්කර තිබූ සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, විශ්‍රාම අරමුදල්, සේවාන්ත අරමුදල් සහ පුණ්‍යායතන අරමුදල් මත 14%ක බද්දක් මෙම නව බදු පනත හරහා ඉදිරිපත් කෙරෙන අතර මේ තුළින් ධනපතීන්ට විශාල බදු සහන සහ සේවාවන් යෝජනා කරන අතර සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායන් වෙත මෙන්ම සමස්ත වැඩ කරන පන්තියටම අහිතකර ලෙස බලපෑමට නියමිතය.