අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් අරගල කළ ශිෂ්‍යයන්ට එල්ල කළ ම්ලේච්ඡ ප‍්‍රහාරය හෙළා දකිමු -පෙ.ස.ප.
Posted on 06.22.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සරසවි සිසුන්ගේ විරෝධතාවයට ආණ්ඩුව විසින් පොලීසය යොදවා ම්ලේච්ඡ අයුරින් පහර දීම හෙළා දකිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ(21) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.
මාලබේ SITAM උපාධි කඩය අහෝසි කරන ලෙසත් අනෙකුත් අධ්‍යාපන පෞද්ගලිකකරණ උත්සාහයන් වහා හකුලාගන්නා ලෙසත් බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් ඊයේ(21) සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුකරන ලද විරෝධතාවයට මෙලෙස අමානුෂික ලෙස පහර දී තිබුණි.
මේ අයුරින් බලයට පත්වන ආණ්ඩු ජනතාවගේ ආණ්ඩු නොවන බවත් ඒවා ජාවාරම්කරුවන්ගේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බවත්, සමස්තයේ අයිතීන් වෙනුවට ලාභ ගොඩගන්නට සැරසෙන ධනපතියන් වෙනුවෙන් පෙනී සිටින බව නැවත නැවත ඔප්පු වෙමින් පවතින බවත්, මෙම අරගලයට සමාජයේ සියලූ ප‍්‍රගතිශීලි කොටස්වල සහ සමාජ බලවේගවල පුලූල්තම සහාය ලැබී ඇති අතර ආණ්ඩුව ඒම ජනමතයට සවන් නොදී බලහත්කාරී ලෙස මර්ධනය කරීම හෙළා දකින බවත්, අධ්‍යාපනය හා සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් මෙන්ම සිය අයිතීන් වෙනුවෙන් සටන් කරන ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු බලවේගවල ආරක්ෂාව වෙනුවෙන්ද පෙළ ගැසෙන ලෙසත් සියලු ප‍්‍රගතිශීලි ජනතාවගෙන් දැඩි අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින බවත් මෙම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින්.

ආශ්‍රිත පුවත්
Related News