தமிழ்
English
Contact
Sunday 22nd April 2018    
“ඊයෙ මොකද වුණේ?” හර්ෂ ද සිල්වා සිය මුහුණු පොතේ ලියයි ! « Lanka Views | Views of the truth

“ඊයෙ මොකද වුණේ?” හර්ෂ ද සිල්වා සිය මුහුණු පොතේ ලියයි !



සයිටම් ආයතනය අහෝසි කරන බවට සිසුන්ට බොරු කියා නොමග යවන්නට තමන් අදහස් නොකරන බව ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙස පැවසූ බව නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා තම මුහුණු පොත තුළ සටහනක් තබමින් පවසයි.
සයිටම් අහෝසි කිරීම සම්බන්ධයෙන් ඊයේ (8) උපවාස බිමේදී සිදුවූ සාකච්ඡා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අර්ථකථන දෙන බැවින් තමන් පැහැදිලි කිරිමක් කරන්නට අදහස් කරන බව නියෝජ්යප ඇමති හර්ෂ ද සිල්වා එහිදී පවසයි. ඔහු එහිදී පවසන්නේ ඔක්තෝබර් 29 වැනිදා ජනාධිපතිවරයාගේ නිවේදනය අනුව සයිටම් අහෝසි කිරිම ස්ථිර පිලිවෙත බවයි.
ඔහුගේ සටහනේ සිංහල අදහස මෙසේය.
ඊයෙ මොකද වුණේ (re SAITM?)
ඊයේ උපවාසය අවසන් කිරීම හා වෛද්යෙ ශිෂ්‍යයන්ගේ පන්ති වර්ජනය අහෝසි කිරිම අපේක්ෂාවෙන් සිදුවූ දේ පිළිබද විවිධ අර්ථකථන ඇත.
සයිටම් අර්බුදය විසදීමට ජනාධිපතිවරයාගේ නිවේදනයේ සයිටම් අහෝසි කිරීම සම්බන්ධ කොටස ගැන මම පැහැදිලි කළා. ‘අහෝසි කිරිම‘ ගැන විවිධ අයගේ විවිද අර්ථකථන නිසා සැකයක් ඇතිව තිබුණා. නමුත් ඔක්තෝබර් 29 නිවේදනයේ එය පැහැදිලිව ස්ථිවරයක් ලෙස සටහන්ව ඇත. සියලු දේපළ සහ වගකීම් මෙන්ම ශිෂ්‍යයන්, කොටස් හිමියන්ගේ සහ ණයහිමියන්ගේ එකගතාව මත, රාජ්‍ය නොවන ලාභය පිනිස නොවන එකගවූ නව ව්‍යුහයකට භාර දෙනු ලබයි. එයින් පසුව තවදුරටත් සයිටම් නොපවතී. දැනට සිටින සියලුම සයිටම් සිසුන් විශේෂිත අහෝසිවන වාහක ව්‍යුහයකට ඇතුළත් කරන බව මම පැහැදිලි කළා. ඔවුන් එහි ඉතිරි කාලසීමාව අධ්‍යයන කටයුතු කරනු ඇත. එයින් පසුව එය අහෝසි වේ.
සයිටම් ආයතනය අහෝසි කරන බව කියමින් ආණ්ඩුව බොරුකරනවාද, ඇත්තටම නව ව්‍යුහයක් ආරම්භ කරන බව සහ සිදුවන්නේ නම වෙනස් කිරීමක් පමණක් නොවේද යන්න නිශ්චිතව කියන ලෙස මගෙන් ප්‍රශ්න කරන ලදී. මම ආවෙ නොමග යවන්නවත් බොරු කියන්නවත් නොවන බවත් අවම ප්‍රමිතිය සහිත රාජ්‍ය නොවන හා ලාභ ඉලක්ක නොකළ ව්‍යුහයයක් ආණ්ඩුවේ නිවේදනයෙන් ප්‍රකාශ කළ බවත් කියා සිටියෙමි. එය සයිටම් අහෝසි කිරීමට සම්බන්ධ නොවන දෙයක් බවද කීවෙමි. කාලය ගතවෙද්දී මේ දෙකම සිදුවන බවද කීවෙමි.
සයිටම් අහෝසි කිරීමට සියලුදෙනා එකග වූ එම අවස්ථාව ඇත්තටම පරිණත දේශපාලන සාකච්ඡාවක් විය. නමුත් සමහර කණ්ඩායම් අතරමැදි මධ්‍යකාලික ක්‍රියාවලියට එකග වූයේ නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය අනුව වෙනස් අදහස් පළ කිරීමේ වරප්‍රසාදයක් හිමි බවට අපි එකග වූවෙමු.
මෙම ගැටලුව විසදීමට සහාය වූ සියලුදෙනාට ස්තුතිවන්ත වෙමි. අප දැන් මේ ප්‍රශ්නය පසුකර පැමිනි බව මගේ අපේක්ෂාවයි.”