தமிழ்
English
Contact
Saturday 28th October 2017    
මානව හිමිකම් සමුලු යෝජනාවේ කොන්දේසි ඉටු කිරීම ගැන එක්සත් ජනපදය අවධානයෙන් ! « Lanka Views | Views of the truth

මානව හිමිකම් සමුලු යෝජනාවේ කොන්දේසි ඉටු කිරීම ගැන එක්සත් ජනපදය අවධානයෙන් !



එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුලුවේදී ලංකාව සම්බන්දයෙන් සම්මත කළ යෝජනාව අනුව එක්සත් ජනපදය හා ලංකා රජය එකග වී ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන් කාර්යක්ෂමව හා කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත ඇලිස් වෙල්ස් ප්‍රකාශ කරයි.

දකුණු මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්වරිය වන ඇලිස් වේල්ස් පසුගිය අගෝස්තු 30 වැනිදා රාජයතාන්ත්‍රික සංචාරයකට මෙරටට පැමිණි අතර ඊයේ (7) ඇය විදේශ කටයුතු පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව ඇමතුවාය. එහිදි අදහස් දක්වමින් ඇය අවධාරනය කළේ ලංකාවේ ආණ්ඩුව පොරොන්දු වූ පරිදි වසර ගණනාවක් පැවති යුද්ධය කාලයේ පැවති තත්වය වෙනස් කිරීමට ව්‍යවස්ථාමය, නෛතික හා ආරක්ෂක ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවයි.  පරිපාලන බලය විමධ්‍යගත කිරීම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නව නීති සම්පාදනය කිරීම, හමුදාව විසින් අත්පත්කරගත් ඉඩම් ජනතාවට ලබාදීම, සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරීම සදහා අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය ස්ථාපිත කිරීම, සත්‍ය හා සංහිදියා කොමිසමක් පිහිටුවීම සහ යුද අපරාධ සම්බන්ධ විමර්ශනයට විශ්වාසදායක යාන්ත්‍රනයක් පිහිටුවීම නිශ්චිත ලෙස කළ යුතු බවයි.