Posted on 07.26.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
එක්සත් ජනපදය විසින් ඊයේ රුසියාවට ඉරානයට හා උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අදල පනත එරට කොංග්‍රසයේ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් සම්මත වේ.
ඊයේ පැවැති කොංග්‍රස් සැසියේදී මෙම සම්බාධක පැනවීමට අදල පනත සදහා ඡන්ද විමසීම සිදුකර තිබේ. එම ඡන්ද විමසීමට අනුව පනතට පක්ෂව 419ක්ද පනතට විරැද්ධව රිපබ්ලිකන් සාමාජිකයින් තිදෙනෙකු 3කුද ඡන්දය දී ඇති බව වාර්තාවේ. කොංග්‍රස් මණ්ඩලයෙන් සම්මතවුවද මෙම පනත එරට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිද අවශ්‍යෙව්.
ඉන් පසුවයි එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා යොමුවන්නේ. මෙම පනත පිළිබදව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිතිපතිවරයා වැඩි එකගතාවයක් නොමැති බවට මත පළවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව විසින් පසුගිය එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී මැතිවරණ කටයුතුවලට සම්බන්ධවූබවට චෝදනා එල්ල විම. මේ හේතුවෙන් එරටට සම්බාධක පැණවිය යුතු බවත් උතුරු කොරියාවේ නව මිසයිල වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව හා ඉරානයේ න්‍යෂ්ඨික කටයුතු නවතා නොදැමීම යන කරණු මුල් කරගෙන මෙම නව සම්බාධක පැනවීමට එක්සත් ජනපදය ක්‍රියාකරන බව ප්‍රකාශ කර ඇත.