Posted on 10.17.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
මාලඹේ SAITM ආයතනයට එරෙහි අයිතීන් සුරැකීමේ ජනතා අරගලය හා සම්බන්ධ වන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඇරයුම් කර ඇත.
අදාළ කරුණු පිලිබඳ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් අද(17) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරුගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා නිතීඥ සංගමය වෙත ලිපියක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
සමාජීය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් SAITM විරෝධී පුළුල් මහජන වෙදිකාව හා සම්බන්ධ වෙමින් ඒ සඳහා සංගමයක් ලෙස ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරිපත් වන ලෙස මෙම ලිපිය හරහා යෝජනා කර ඇත.
SAITM ආයතනය සමාජයම මුලා කරමින් ආරම්භයේ සිට මේ දක්වාම සමස්ත ක්‍රියාවලියම වංචනික අයුරින් පවත්වාගෙන යමින් තිබෙන බවත් එයට එරෙහිවන බලවේග වෙත ආණ්ඩුවේ දැවැන්ත මර්ධනය මුදා හරින බවත් මේ වන විටත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු බොරු චෝදනා ගොනු කරමින් අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් මෙම අසාධාරණයන්ට එරෙහිව වගකිවයුතු සංගමයක් ලෙස මැදිහත් වන ලෙස මෙම ලිපිය මඟින් වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
වත්මන් හවුල් ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්ති වෙනුවෙන් පමණක් පෙනී සිටිමින් තිබෙන තත්වයක, සමාජ අයිතීන් දීනා ගැනීම වෙනුවෙන් සිදු කරන දැවැන්ත මහජන අරගලය හා දිනෙන් දින සමාජ බලවේග එක වෙමින් ඇත.