Posted on 09.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සඳහා තම පක්ෂය සහයෝගය නොදක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
මේ දිනවල ව්‍යවස්ථා කෙටුම්පත පිළිබද සිදුවන සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ල.නි.ප. ජ්‍යෝෂ්ඨ උප සභාපතිවරයාගේ අදහස් විමසූ විට ඔහු පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරයේ පවතින බලතල සීමා කර එම තනතුර පවත්වා ගෙන යාම සදහා පියවර ගත යුතු බවයි. ශ්‍රී ල.නි.ප. මහලේකම්ව සිට ජනාධිපති අපේක්ෂකත්වය ලද මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම තම පළමුවැනි පරමාර්ථය බවයි. එහෙත් ඉන්පසුව ජනාධිපතිධුරය ලබා සිදු කළ ව්‍යවස්ථා සංශෝධනයේදී බලතල කිහිපයක් ඉවත් කළා විනා විධායක ජනාධිපතිවරයාට හිමිව ඇති අත්තනෝමතික බලය ඉවත් කලේ නැත. ඒ වෙනුවට මීළග ජනාධිපතිවරණයට පෙරාතුව විධායක ජනාධිපති ක්රසමය අහෝසි කරන බවක් ප්‍රකාශ කළේය. මේ අනුව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ විධායක ජනාධිපති ක්රඅමය අහෝසි කරන්නට අදහසක් නැති බවයි.