Posted on 08.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මන්ත්‍රිවරු 113ක් එකතු කරගන්න කවුරු හිටියත් ආණ්ඩුවක් හදන්න තමන් ළගට ආ යුතු බවත් වත්මන් ආණ්ඩුව පෙරලා දමා වෙනත් ආණ්ඩුවක් හදන්න නම් තමා කැමති විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
තමන් මන්ත්‍රීවරු 113ක් එකතු කරගත් පසුව වත්මන් ආණ්ඩුව පෙරලා දැමිය හැකි බවට විපක්ෂ මන්ත්‍රිවරයකු කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් ඊයේ (31) හිගුරක්ගොඩ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. එම ප්‍රකාශය කළ පුද්ගලයා කතාකරන්නේ ඔලුවෙන් හිටගෙන බවද මන්ත්‍රි ආසන 113ක් තිබුණද ආණ්ඩුවක් පිහිටුවන්නට තමාගේ අනුමැතිය හා ආශිර්වාදය හිමි වියයුතුවීම මේ රටේ ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් බව මතකතබාගත යුතු බව ඔහු එහිදී අවධාරනය කළේය. මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රෙය් අවධානයට ලක්ව ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු දී බලයට පත් මෛත්‍රිපාල සිරිසෙන් සිය ඇත්ත ස්වභාවය ප්‍රකාශ කරන බව මෙයින් පෙනී යන බව දේශපාලන නිරික්ෂකයෙන්ගේ අදහසයි.