Posted on 09.22.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මංගල උත්සවයක් සදහා මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකගේ අනුදැනුම ඇතිව පාසල් දරුවන් 250 දෙනකු සහභාගී කරවා තිබීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුනු පැමිනිල්ලක් මත පරික්ෂණ අරඹා ඇත.
එසේ පැමිනිලි ලැබී ඇත්තේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් ළමයින් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් එම ළමයින්ව හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ආරංචි මාර්ග හෙලි කරයි. ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් සිසුන් සහභාගී කරගෙන ඇත්තේ මධ්‍යම පළාත් මහ ඇමැතිවරයාගේ හිතවත් ඇදුම් මෝස්තර ශිල්පිනියකගේ ගිනස් වාර්තා පිහිටුවීමේ අරමුණකින් බව වාර්තා වෙයි.
