தமிழ்
English
Contact
Monday 28th August 2017    
පළාත් පාලන ඡන්ද විමසීම මේ වසර අග පවත්වන්න පුලුවන් – මැතිවරණ කොමිසමේ සභාපති « Lanka Views | Views of the truth

පළාත් පාලන ඡන්ද විමසීම මේ වසර අග පවත්වන්න පුලුවන් – මැතිවරණ කොමිසමේ සභාපති



පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත අද දින සම්මත වුවද ඉන් අනතුරුව නීති ගත වු පනත තමා වෙත ලැබීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට දින 75 ක් වත් අවශ්‍ය වන බවත්, අවම වශයෙන් ඒ අනුව දෙසැම්බර් මස මුල් සතියේ මැතිවරණය පැවැත්වීමේ හැකියාව ඇති බව කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

අද දින සම්මත කළ පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත නීතියක් වන්නේ කතානායකවරයා අත්සන් කිරීමෙන් පසුව බවත් සැප්තැම්බර් 15 වන දිනට පෙර කතානායකවරයා විසින් අත්සන් තැබිය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. යම් හෙයකින් එසේ නොවන්නේ නම් මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසය තෙක් කල් යන බව ද කියා සිටි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, අදාළ දිනය පිළිබඳ කොමිසම් සභාවේ සභාපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.