தமிழ்
English
Contact
Monday 21st August 2017    
පළාත් සභා මැතිවරණ 2019 ඔක්තෝබර් දක්වා කල්දැමීමේ සැලැස්මක්! « Lanka Views | Views of the truth

පළාත් සභා මැතිවරණ 2019 ඔක්තෝබර් දක්වා කල්දැමීමේ සැලැස්මක්!



සැප්තැම්බරයේ කාලසීමාව අවසන්වන පළාත් සභා සහ ඉදිරි වසර දෙක තුළ විසුරුවන පළාත් සභා සදහා මැතිවරණ එක්වර පැවැත්වීමේ මුවාවෙන් ආණ්ඩුව විසින් එකී මැතිවරණ 2019 ඔක්තෝබර් දක්වා කල්දැමීමට සැලසුම් කරමින් සිටින බව ‘ලංකාවීව්ස්‘ වෙත විශ්වාසදායක මූලාශ්‍රයකින් වාර්තා වේ.

එළඹෙන සැප්තැම්බර් අවසානයේ උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා කාලය අවසන් වේ. පවතින පළාත්සභා මැතිවරන නීතිය අනුව එම කාලසීමාවට පෙර මැතිවරණ පවත්වා පළාත් සභිකයන් තෝරා පත්කර ගතයුතුව තිබේ. එසේවුවද වත්මන් හවුල් ආණ්ඩුව විසින් පළාත් සභා මැතිවරණ එක්වර පැවැත්වීම සදහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් තිබේ. පළාත්සභා මැතිවරණ පවත්වන දිනය තීන්දු කිරීමේ බලය මෙන්ම පළාත් සභාවල කාලය අවසන්ව ඒවා විසුරුවා හැරිය පසුව පළාත් සභාවලට අයත් බලය පාර්ලිමේන්තුව වෙත මධ්‍යගත කෙරෙන එම ව්‍යවස්ථා සංශෝධනය 20 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින් වේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංහෝධනය සම්මත කරමින් කළ සංශෝධන අතර එක් එක් මැතිවරණ පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසම වෙත පවරන ලදී. එසේ නමුත් පළාත් සභා මැතිවරණ පැවැත්වෙන දිනය පළාත් සභාවල නිල කාලය අවසන්වන දිනය නොඉක්මවිය යුතු බව පළාත් සභා පනතේ සඳහන්ය. අවසන් වරට පළාත්සභා මැතිවරණ පවත්වන ලද්දේ ඌව පළාතේ වන නිසා එහි කාලය අවසන් වන්නේ 2019 ඔක්තෝබර් 08 වැනිදාය. මේ නිසා අනෙකුත් පළාත් සභාවල මැතිවරණද පැවැත්වෙන දිනය එම දිනය දක්වා කල්දැමෙනු ඇත.

 




Related News