தமிழ்
English
Contact
Saturday 9th December 2017    
ලාංකික සරණාගතයෙක් ඕස්ටේ්‍රලියාවේ රැදවුම් කදවුරකදී සියදිවි නසාගනී ! « Lanka Views | Views of the truth

ලාංකික සරණාගතයෙක් ඕස්ටේ්‍රලියාවේ රැදවුම් කදවුරකදී සියදිවි නසාගනී !



ලංකාවෙන් ඕස්ට්‍ර්ලියාව බලා ගමන්කර එරටදී කාන්තා අපචාරයකට හසු වූ දෙමළ තරුණයෙක් රැදවුම් කදවුරක සිටියදී සිය දිවි නසාගෙන ඇති බව විදේශ මාධ්‍ය හෙළි කරයි.

32 හැවිරිදි මෙම තරුණයා වසර ගණනකට පෙරාතුව එරටට සංක්‍රමණය වී ඇතත් දැඩි මානසික පීඩාවකින් සිටි බව ඔහුගේ හිතවතුන් පවසා තිබේ. කාන්තාවකට ලිංගික හිංසනයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අධිකරණ ක්‍රියාදාමයක් ආරම්භ වී තිබුනු අතර අත්අඩංගුවට ගෙන මානුස් දිවයිනේ රැදවුම් භාරයේ සිට ඇත. එහිදී දැඩි මානසික පීඩාවකින් පෙළුණු නිසා රෝහල් ප්‍රතිකාර ලබා ඇති ඔහු පසුගිය 2 වැනිදා සියදිවි නසාගෙන ඇති බව රෝහල් සේවකයන් විසින් සොයාගෙන ඇත.