தமிழ்
English
Contact
Monday 23rd October 2017    
පූජිත ජයසුන්දර යනු පොලිසියේ නියම ස්වරූපයයි « Lanka Views | Views of the truth

පූජිත ජයසුන්දර යනු පොලිසියේ නියම ස්වරූපයයි



පොලිස්පති පූජිත ජයසුන්දර හදුන්වා දුන්  ව්‍යාපෘතියක් ලෙස ‘පොලිසියේ සියළුම දෙනා උදෑසන මිනිත්තු 15ක් භාවනා කල යුතුය‘ යන නියමය කඩකළවුන්ට පොලිස් මූලස්ථානයේදී පහරදීම සමාජය හමුවේ ගැටලුවක් ලෙස මතුව ඇත.

2017 අප්‍රේල් මස දිනයක පහර දුන් අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් ස්ථානාධිපති ‘ලුඩොවයික්‘ නමැති බර්ගර් ජාතික පොලිස් නිලධාරියා ද විය. ඔහුට එහිදී ඇතිවූ කම්පනය නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට ද සිදුවිය. ලුඩොවයික්ට අමතරව එදින පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර් වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම්  සිවිල් සේවකයෙකුට ද ‘භාවනා‘ නොකලා කියා පොලිස්පතිවරයා විසින් කොලරයෙන් ඇද පහර දී ඇත. භාවනා නොකළ පොලිස් මූලස්ථානයේ විමසීම් අංශ නිලධාරිනියකටද ‘මං උඹව  —- නවා‘ යි තර්ජනය කළ බවට පොලිස්පතිවරයාට චෝදනා නැගී ඇත. පොලිස්පතිවරයාගේ තර්ජනය තමන්ව දූෂණය කලා හා සමාන යැයි පදනමෙන් නිලධාරිනිය මේ වන විට ඔහුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

උදෑසන රාජකාරි ආරම්භ කිරීමට යම් මානසික ඒකාග්‍රතාවක් ඇති කිර ගැනීමට ක්‍රියාකාරකමක් කරන ලෙස භාවනා කළ යුතු බවට පොලිස්පතිවරයා චක්‍රලේඛයකින් දන්වා ඇතැයි ද, ඒ ගැන සොයා බැලීමට ඇතැම් අවස්ථාවල පොලිස්පති පොලිස් මූලස්ථානයේ ක්ෂනික සොයාබැලීම් කරන බව ද, මෙම සිදුවීම වු දා විදුලි සෝපාන ක්‍රියාකරු භාවනා වැඩසටහනට සම්බන්ධ වී නැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැති දයාසිරි ජයසේකර පවසා ඇත්තේ පොලිසිය භාවනා කරනවාට වඩා ශාරිරික අභ්‍යාස කෙරෙහි අවධානය ගතයුතු බවයි. කැබිනට් තීරණ දැන්මු දෙන සාකච්ඡාවේදී ජනමාධ්‍යෙව්දින් විසින් ප්‍රහ්න කර ඇත්තේ ආමික නිදහස යනු ඇදහීම මෙන්ම ඇදහීම නොකරන අයිතිය නොවේද යන්නය. එහිදී ඇමැති රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත්තේ බෝම්බයක් පිළිබද දැනුම්දීමක් කරන අවස්ථාවේ පොලිසිය භාවනා වැඩසටහන් කළහොත් කුමන තත්වයක් ඇතිවේද යන්නය. පොලිසිය සැකකරුවන්ට හිරිහැර කරන බවට චෝදනා නැගී ඇති තත්වයක මෙවැනි සිදුවීම් පොලිසිය අපකීරතියට පත්කරවන බවද ඔහු පවසා ඇත.

මේ අතර ජාතික පොලිස් කොමිෂන් සභාවට බලය ඇත්තේ පොලිස්පතිවරයා හැර සෙසු නිලධාරීන්ගේ විනය සම්බන්ධ ක්‍රියා ගැන සොයා බැලීමට පොලිස්පතිවරයාගේ විනය සම්බන්ධ කාරණයක් ගැන විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට හැකියාවක් නැතැයි එහි ලේකම් ආරියදාස කුරේ පැවසීය. පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවකුගේ කමිස කොලරයෙන් ඇද බැණ වැදුනැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවෙන් විමර්ශනයක් සිදු නොවන බව ද ඔහු පැවසීය.

පොලිසිය යනු නීතිය හා සාමය ආරක්ෂා කරන්නට තිබෙන ආයතනයක් බවට කියනු ලැබුවද පොලිස් සිර මැදිරිවල සිටියදී මරා දැමුනු සැකකරුවන් ගැනද ආයුද පෙන්වන්නට කියා මාංචු සහිතව පිටතට ගෙන යනු ලැබ බෝම්බයක් දමාගැසීමට හෝ වෙඩිතැබීමට උත්සාහ කළ බව කියා වෙඩි පහරින් මියගිය සැකකරුවන් සිය ගනනකි. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලනයේදී මෙවැනි සිදුවීම් සම්බන්ධව ජනතාව අතර පැවතියේ පොලිසියට හසු වුහොත් පණපිටින් ගෙදර ඒමත් සැක බවට ආකල්පයකි. රජයේ මර්දනකාරී බලය ජනතාව හමුවට ගෙන එන පොලිස් නිලඇදුමේ ධර්මචක්‍රය තිබියදී අත  ඇත්තේ බැටන් පොල්ලකි. රාජ්‍ය බලය පුද්ගලයන් මත පටවන විට පොලිස් මනෝභාවය කොතරම්ද යන්න පූජිත් ජයසුන්දර හෙළිදරව් කර ඇත. අම්මා තාත්තා වුවද පොලිසියේ නම් විශ්වාස නොකරන ලෙස ගැමි කතාවක් ඇත. නිල කබාය ඇදගත් පසුව පොලිසියේ ක්‍රියාකාරකම් මෙසේ අවමානයට ලක්වන්නේ ඇයි? පොලිසියේද ඉන්නේ මිනිසුන් යැයි කිසිවකු කිව හැකිය. නමුත් පොලිසියට අයත් රාජකාරිය වන්නේ බලහත්කාරය පවත්වාගෙන යාමයත නීතිය යනු මිනිසුන් අතර සම්මුතියක් බවට කීවද පොලිසියට ඇත්තේ කෙසේ හෝ නීතිය ක්‍රියාවේ යෙදවීමේ අරමුනකි. පොලිසිය ‘පොලිස් පාට්‘ නොදමා කිසිවක් සපුරා නොගනී. ඒ නිසාම පොලිසියේ සේවය කරනවුන්ටද පොලිස්පාට්වලින් නම් ගැලවීමක් නැත.

පාලකයන්ට අවශ්‍ය පරිදි ජනයා යටපත්කර තබාගන්නට අවශ්‍ය වන තාක් පොලිසිය අප මත පොලිසි පාට් පමණක් නොව බැටන් පොලු පතිත කරන බව ඇත්තකි. අප සොයාගත යුත්තේ පොලිස් පාට් නොමැතිව ජිවත්වන්නට විදියකි. නිසැකවම නීතිය වෙනුවට ස්වේච්ඡාවෙන් විනයගතවන, අනෙකාගේ අයිතිය ගරුකරන සමාජයකදී පොලිසියට කාර්යයක් ඉතිරි නොවනු ඇත.

Save