தமிழ்
English
Contact
Saturday 19th August 2017    
පොලිස්පති ගහන්න ගියේ භාවනා කරපු නැති නිසා-පොලිස් මාධ්‍ය ප්‍රකාශක « Lanka Views | Views of the truth

පොලිස්පති ගහන්න ගියේ භාවනා කරපු නැති නිසා-පොලිස් මාධ්‍ය ප්‍රකාශක



පොලිස්පතිතුමා පහරදීමට මෙන් හැසිරුනේ අදාළ පුද්ගලයන් විසින් සියළු පොලිස් නිලධාරීන් විසින් අනිවාර්ය ලෙස වීනාඩි 15ක් ආගමික භාවනාවක නියැලිය යුතු බවට නිකුත් කර ඇති චක්‍රලේඛය කඩ කිරීම හෙතුන්වෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කරන ලදි.

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල සංසරණය වන පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පුදගලයන් දෙදෙනෙකුට පහරදීම සහ තවත් කාන්තාවකට තර්ජනය කිරීම පිලිබඳ වීඩියෝව ගැන අද(16) දින අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් දීර්ඝව ප්‍රශ්න කිරීමේදී ඔහු මෙලෙස ප්‍රකාශ කරන ලදි.

මෙම සිදුවීම පිලිබඳ මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම තුල මාධ්‍ය ප්‍රකාශකවරයා අවස්ථා කිහිපයකදීම නිරුත්තර වූ අතර එලෙස පහර දීමට උත්සාහ කිරීම සහ බලහත්කාරයෙන් ආගම් ඇදහීමට යොමු කිරීමේ චක්‍රලේඛය සාධාරණීකරණය කරමින් පොලිස් අධිකාරීවරයා පිළිතුරු ලබා දීමට උත්සාහ කරන ලදි.

අදාළ සිදුවීම පිලිබඳ මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිතුරු ලබා දුන් අවස්ථාව.