Posted on 08.16.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
සියළු පළාත් සභාවල මැතිවරණ එකවර පවත්වන බව පවසමින් මැතිවරණය කල් දැමීමෙන් කොමිසමද අර්බුධයකට පත්වෙමින් සිටින බැවින් ඒ සඳහා එකඟ විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව විසින් ආණ්ඩුවට නිල නොවන අයුරින් දැනුම් දී ඇති බව වාර්තා වේ.
සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීම සඳහා නිල කාලය අවසන් වීමට නියමිතව තිබු උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව යන පළාත් සභා වල මැතිවරණද කල්දැමීමේ යෝජනාවක් මීට පෙර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව තිබුණි.
කෙසේ වෙතත් ජනතා ගැටළු මඟහරිමින් විරෝධයන් හමුවේ දැඩි අප්‍රසාදයකට ආණ්ඩුව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බැවින් මැතිවරණ මඟහැරීම සඳහා විවිද උපක්‍රම භාවිත කරමින් සිටින බව පැහැදිලිව දැකගත හැකිය.