Posted on 08.26.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ නොවිසඳුණු නඩු හත් ලක්ෂ අනූපන්දහසක් පවතින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසයි.
රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධ විබාග කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවිය යුත් බවට පළ කෙරෙන අදහස් පිළිබද ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය. පසුගිය රජයේ චෝදානැ ලැබුවන්ට අලුතින් නඩු පවරා දඬුවම් දියයුතු බවට විවිධ මත ඉදිරිපත් වුවත් තවත් එවැනි නොවිසඳුණු නඩු හත්ලක්ෂ අනූපන්දහක් පවති. එසේම දැනට කොළඹ මහාධිකරණ හතක් ඇති බවත් එම උසාවි සංඛ්‍යාව 10 දක්වා වැඩි කරමින් හෝ නොවිසඳුණු නඩු සාමාන්‍ය නඩු ලෙසින් එම උසාවිවල විමසිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. දිවයින තුළ විසිරී පවතින අධිකරණ ප්‍රමාණය සීමිත බැවින් එම අධිකරණ ප්‍රමාණය වැඩි කළ යුතු බවද ඔහු කියයි. එසේම බොහෝ විට ප්‍රමාද වන මූලික මිනිස් අයිතිවාසිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණක් නොව පළාත්බඳ මහාධිකරණවලදීත් විභාග කිරීමට කටයුතු යෙදිය යුතු බවද ඔහු පවසයි.