Posted on 10.31.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට අද(31) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
ඒ අනුව, රුපියල් ලක්ෂ දෙක බැඟින් වූ ශරීර ඇප හතරක් මත ඔවුන් මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. අධිකරණ නියෝගවලට අවනතව කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසද ඔවුන් ඇප මත මුදාහරිමින් මහේස්ත්‍රාත්වරිය දැඩි ලෙස අවවාද කළාය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පසුගිය ඔක්තෝබර් 12වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ අධිකරණය නිකුත් කළ වාරණ නියෝග කඩ කිරීම සහ ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාවලටය.
කෙසේවෙතත් විරෝධතා දැක්වීමට හා අදහස් පළ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් ශිෂය නායකයන්ට අධිකරණය විසින් ඇප නියම කිරීම විවිධ පාර්ශ්වවල දැඩි වෙවේචනයට හේතු වී ඇත. යම් වරදක් සම්බන්ධයෙන් සැක පිට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පසුව ඔවුන්ට හිමි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ නොහැකිය. වරද ඔප්පු කරන තෙක් චූදිතයන් නිරදෝෂී බවට පිළිගත් නීතිමය සම්ප්‍රදායක් තිබේ. ඒ වෙනුවට මූලික අයිතින් උල්ලංඝනය කර විරෝධය පළ කිරීම තහනම් කිරීම හෝ අදහස් පළ කිරීම හෝ මතයක් දැරීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම වලක්වමින් අධිකරණය කටයුතු කිරීම නිසා අධිකරණයේ සීමාවන් උල්ලංඝනය වීමෙන් ජනතාව අධිකරණයේ නියෝග නොසළකා හැරීමත් සිදුවනු ඇති බව නීතිය පිළිබද විද්වතුන්ගේද අදහසයි.