Posted on 08.08.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2017 අයවැයෙන් වෙන්කළ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලවල අවශ්‍යතා සදහා අලුතින් මිලදී ගැනීම් කිසිවක් කරන්නට නොහැකි බව සහ අලුත්වැඩියා කළ හැකි උපකරණ අලුත්වැඩියා කිරීමට කටයුතු සූදානම් කර ලෙස කොළම දිසාලේකම්වරයා සිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී ඇත.
දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර විසින් මේ කරුණ අවධාරණය කරමින් ඒ ඒ කාර්යාලවල නැවත පාවිච්චියට ගතහැකි මට්ටමේ අබලන්ව පවතින අලුත්වැඩියා කළ හැකි උපකරණ අලුත්වැඩියා කිරීමෙන් භාවිතයට ගන්නා ලෙසත් අනෙකුත් උපකරණ විධිමත්ව බැහැර කරන ලෙසත් දන්වා ඇත. එසේ නැවත භාවිතයට ගතහැකි උපකරණ සදහා පමණක් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය අරමුදල් ඉල්ලීමට කටයුතු කරන ලෙස දිසාපතිවරයා දන්වා යවා ඇත.
රජයේ විවිධ ආයතනවල අරමුදල් නාස්තිකාර වියදම්වලට යොදවමින් සිදුකරන නාස්තිය තිබියදී පරිපාලන ක්ෂේත්‍රෙය් අත්‍යවශ්‍ය වියදම් පියවා ගන්නට අයවැයෙන් වෙන්කරන මුදල ප්‍රමාණවත් නොවන බව මෙයින් පැහැදිලි වේ. රජයේ ආයතන සදහා සුඛෝපභෝගි ගොඩනැගිලි කුලියට ගෙන මහජන මුදල් විනාශ කරන රජයේ මැති ඇමතිවරු සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු වියයුතුව තිබේ. දිසාලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු ජනතාවගේ එදිනෙදා කටයුතු රාශියක් වෙනුවෙන් කටයුතු කරන ස්ථාන බැවින් මෙම අරමුදල් කප්පාදුව ජනතාවගේ කටයුතු නොසලකා පාලකයන් අත්තනෝමතිකව මහජන අරමුදල් භාවිතයට ගන්නා බවට සාක්ෂියකි. විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සදහා රාජගිරිය ප්‍රෙද්හයේ ගොඩනැගිල්ලකට මාසිකව කුලී ගෙවන නමුත් එහි අමාත්‍යංශ කටයුතු ආරම්භ කර නැත. කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑම සඳහා එම ගොඩනැගිල්ල කුලියට ගැනීමේදී වසර දෙකක් සදහා මසකට කුලිය රුපියල් දෙකෝටි දස ලක්ෂයක බැගින් වැයකරන්නට කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. ගොඩනැගිල්ලේ කුලිය පමණක් මසකට ලක්ෂ 150ක්ද, රජයේ වාහන නැවැත්වීමට එහි පහසුකම් නොමැති නිසා යාබද ඉඩමක් මසකට රුපියල් ලක්ෂ 60ක කුලී පදනමට ලබා ගැනීමටද කටයුතු කර ඇත.
