Posted on 08.30.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන විසින් බැදුම්කර වංචාව පිළිබද විමර්ශන කොමිසම නොමඟ යවා ඇති නිසා ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස පැමිනිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා කොමිසමෙන් ඊයේ (29) ඉල්ලා සිටියේය.
කොමිසමේ අකටයුතු ආරම්භ කළ අවස්ථාවේ ඔහු මෙසේ ඉල්ලා සිටියේය. මේ අතර පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වු පරිගණකය බැඳුම්කර කොමිසමේ කටයුතු විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත. කොමිසමේ නියෝග මත අදාළ පරිගණක පද්ධතියේ තොරතුරු සොයා බැලීමේදී පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා තිබු ක‍්‍රමවේදයට අදාළ පරිගණකය මේ වන විට ගලවා දමා ඇති බව අනාවරණය විය. කෙසේවුවත් එහි දෘඩ තැටියෙහි ඇති අමතර පිටපත්වල අවශ්‍ය දත්ත පිටපත් තිබිය හැකි බව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා විසින් කොමිසමට දැනුම් දෙන ලදී. ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ටේරෂරීස් සමාගමේ බලපත‍්‍රය තහනම් කළ පසුගිය ජුලි 06 වැනිදා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා මුලින් තිබු ක‍්‍රමවේදය ඉවත් කර තිබේ. ඉන්පසුව එදින සිට නව පද්ධතියක් ස්ථාපනය කර ඇති බවද අනාවරණය වී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසයි.